මේ ලිපියේ තියෙන්නේ සංචාරකයා නිවාඩුවට ගමට ගිය වෙලේ ගත්ත ඡායරූපයක්. ගමේ වෙල් එළියේ දුව පැනලා සෙල්ලම් කරපු සමය හරිම සුන්දරයි. මේ වෙල් ඉපනැල්ලේ කොච්චර නම් ක්‍රිකට්, එල්ලේ සෙල්ලම් කරන්න ඇද්ද. සරුංගල් යවන්න ඇද්ද.

ගම කියන්නේ සංචාරකයා වැඩියෙන්ම යන්න ආස නමුත් අඩුවෙන්ම යන්න හම්බ වෙන තැන. ගමේ සුන්දරත්වය තවමත් ඉතුරු වෙලා තියෙන එක හරිම පුදුමජනකයි.

මෙදා නිවාඩුවට ගමේ ගිහින් ඉර බහින හැන්දෑවේ වෙල් යාය අද්දරට වෙලා සිසිල් සුලං විඳිමින් හිටපු සංචාරකයාට පොඩි කාලේ ඉගෙන ගත්ත කවියක් මතක් උනා. මේක හංස සංදේශයේ කෑරගල වැනුමේ එන කවියක්.

“පැසෙයි නිබඳ සුවඳැල් කෙත් වත් අවට
ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමා රසමය ඒ පියස දුට”

Advertisements