UNIX වල Y2K ප්‍රශ්නය ගැන අහලා තියෙනවද?

4 Comments

මතකනේ Y2K ප්‍රශ්නය, එහෙමත් නැත්නම් Millennium Bug එක. මුලින් පරිඝනක ක්‍රමලේඛනවල අවුරුද්ද දක්වන්න ඉලක්කම් දෙකක් භාවිතා කිරීමනේ මේකට හේතුව උනේ. කොහොමින් හරි කලින්ම ප්‍රශ්නය අඳුරා ගෙන පූර්වෝපායයන් ගත්ත නිසා වසර 2000 උදා වෙද්දී දැනෙන බලපෑමක් ඇති උනේ නෑ.  මේ වගේම තව ප්‍රශ්නයක් ගැන තමයි මේ ලියන්න යන්නේ. සංචාරකයාත් මේක දැන ගත්තේ කන්තෝරුවෙන් හදපු මෘදුකාංගයක මෙය හා අනුබද්ධ ප්‍රශ්නයක් ආවාමයි.

මුලින්ම සංචාරකයාගේ අත්දැකීම විස්තර කරල ඉන්නම්කෝ. අපේ මෘදුකාංගයේ කොටසක් ලියලා තිබුනේ Java වලින්. දින හා අදාළ කටයුතු සඳහා භාවිතා කළේ Unix Timestamp එක. ඒ කියන්නේ Java Program එකට දිනය තවත් එක ඉලක්කමක් විතරයි. ඒ සඳහා භාවිතා කළේ Integer කියන Data Type එක.  මෙහිදී දිනය වැඩි කිරීමට අවශ්‍යතාව තිබුනේ සාපේක්ෂ අගයන්වලින් [උ.දා.: කලින් දවස + දවස් 10 ක්].  කාලයක් ගියාම අපි දැක්කා දවස 2038-01-19 03:14:07 පැනපුවාම Client Program පිස්සු කෙළිනවා කියලා.

UNIX Timestamp එකෙන් කරන්නේ 1970-01-01 00:00:00 එකේ ඉඳල ගෙවිච්ච තත්පර ගාන කාලය නිරූපණය කරන්න ගන්න එකයි. පරණ මෙහෙයුම් පද්ධතිවල මේ සඳහා යොදා ගත්තේ  bits 32 යි.  එක bit එකක් ලකුණට (sign) එකට වෙන් කළාම නිරූපණය කරන්න පුළුවන් උපරිම ඉලක්කම 231-1=2147483647. මේක තත්පර කළාම තමයි අර කලින් කියපු 2038-01-19 03:14:07 සීමාව ලැබෙන්නේ.

දැන් බලමු මෙයින් ප්‍රශ්න වෙන අවස්ථාවල් මොනවද කියලා.  මෙහෙයුම් පද්ධතිය 32 bit නම් මේ ප්‍රශ්නය වෙන්න පුළුවන්. හැබැයි දැන් එන Servers බොහොමයක් 64 bit නිසා බොහෝ විට මෙහෙයුම් පද්ධතියත් 64 bit. අතරින්පතර සමහර තැන්වල් 32 bit Servers ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. අනික එක තමා මෘදුකාංග ඇතුළෙන් [සංචාරකයාට උනා වගේ] මේ ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. ප්‍රශ්නය මතු වෙන්න 2038 වෙනකන්ම ඉන්න ඕනේ නෑ. දින සම්බන්ධ ගණයන කිරීම් කරන මෘදුකාංගවල කලින්ම මතු වෙන්න පුළුවන්.

Advertisements

ඡායාරූපකරණයේ තුනෙන් එකේ නියමයෙන් ඔබ්බට……………Golden Spiral

5 Comments

මීට පෙර ලිපියෙන් කිව්වා වගේ අද ලියන්න යන්නේ ඡායාරූප කලාවේ භාවිතා වන තවත් එක සැකසුම් නියමයක් (Composition Rule) ගැනයි.  ඒ තමයි Golden Spiral කියන එක.  මෙහි ගණිතමය පැහැදිලි කිරීමට නම් ටිකක් විතර ගැඹුරු ගණිත සංකල්ප වගයක් ඕනේ වෙනවා. කොහොම උනත් වැඩේ සම්පූර්ණ වෙන්න ඒකත් ඇතුලත් කරනවා.

Golden Spiral එක පහත (1) න් දැක්වෙන ඝාතීය ශ්‍රිතයෙන් දක්වන්න පුළුවනි. මෙහි a යනු ඕනෑම ධන තාත්වික සංඛ්‍යාවක් වන අතර b කියන්නේ (2) න් දැක්වෙන තාත්වික නියත අගයයි.

r = ae …………………. (1)

ebπ/2 = φ ……………… (2)

(2) වෙනි සමීකරණයෙන් කියන්නේ කෝණයේ අගය රේඩියන් π/2 වන විට [අංශක වලින් නම් 900 ක් වන විට වල ebπ/2 අගය φ ට සමාන වන පරිදි තියෙන්න ඕනේ කියලයි. φ ගැන කලින් ලිපියේ කිව්වනේ. මෙහි අගය (1+√5)/2 යි. ආසන්න වශයෙන් කිව්වොත් 1.61803398874989… ක් වෙනවා.  දැන් b වල අගය හොයලා බලමු.

(2) න්

ebπ/2 = φ දැන් දෙපසම ස්වභාවික ලඝුගණකය [ln] ගත්තම,

b= ln(φ)/(π/2) => b=0.3063355

a=1 වන විට -2π සහ අතර පරාසයේ මෙම ධ්‍රැවීය සමීකරණය [Polar Equation] ප්‍රස්තාරගත කළාම පහත ආකරයේ එකක් තමයි ලැබෙන්නේ.

θ වල අගය, π/2 හි ගුණාකාරවලදී [එහෙමත් නැත්නම් ප්‍රස්තාරය X අක්ෂය හෝ Y අක්ෂය කැපෙන තැන් වලදී] අගයන් මෙහෙමයි ඒන්නේ.

eb(-2π) ,eb(-3π/2) ,eb(-π) ,eb(-π/2) ,eb(0) ,ebπ/2 ,e , eb3π/2 ,eb2π

දර්ශකයේ පද පොඩ්ඩක් එහා මෙහා කරලා මේ විදියට ලියන්න පුළුවනි.

e-b(π/2)4 , e-b(π/2)3, e-b(π/2)2 , e-b(π/2)1 ,eb(0) , eb(π/2)1, eb(π/2)2 , eb(π/2)3, eb(π/2)4

අපි කලින් දෙවෙනි සමීකරණයෙන් දැක්කා ebπ/2 = φ කියලා. ඒ අගය ආදේශ කළහම මෙහෙම තමයි ශ්‍රිතයේ අගයන් එන්නේ.

Φ-4, Φ-3, Φ-2, Φ-1, Φ0=1, Φ1, Φ2, Φ3, Φ4

φ ආසන්න වශයෙන් 1.618 ආදේශ කළහම මේ අගයන් ටික ගන්න පුළුවන්.

0.146, 0.236, 0.381, 0.618, 1, 1.618, 2, 618, 4.236, 6.853

මේ අගයන් ටිකෙන් තමයි ඉහත ප්‍රස්තාරයේ අක්ෂ කැපිලා තියෙන්නේ.

මේ වක්‍රයට ඉතාම ආසන්න වක්‍රයක් Fibonacci Sequence එකෙන් ලබා ගන්න පුළුවනි.  Fibonacci Sequence එක කියන්නේ මෙන්න මේකයි.

0,1,1,2,3,5,8,13,21, ………………………

0 න් සහ 1 න් පටන් ගන්න මේ ශ්‍රේණියේ අනෙකුත් පද හැදිලා තියෙන්නේ ඊට කලින් පද දෙකේ එකතුවෙන්. මතකනේ මේකට අදාළව ලංකාවේ තියෙන අප්‍රකට ස්මාරකයක් ගැනත් කලින් ලිපියකින් ලිව්වා.  අනන්තයට යද්දී මෙම ශ්‍රේණියේ පද දෙකක් අතර අනුපාතය φ ට අභිසාරී වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවනි. හැබැයි මේකට නම් සීමා [Limits] සම්බන්ධ ගැඹුරු දැනීමක් ඕනේ නිසා මෙම ලිපියේ අන්තර්ගත කරන්නේ නෑ. මේ ශ්‍රේණියේ බිංදුව අමතක කරලා 1,1,2,3,5,8,13,21 එන මේ පද ටික ගනිමු.  දැන් මෙහි එක එක ඉලක්කම අදාළව සමචතුරශ්‍රාකාර හැඩ ඇඳලා පහත විදියට අසුරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන් එක පදයක් ඊට කලින් පද දෙකේ එකතුවට සමාන නිසා විතරයි.

ඊට පස්සේ ඒ සමචතුරස්‍රවල විකර්ණ හරහා රූපයේ දැක්වෙන ව්දියට චාප අඳින්න පුළුවන්. මෙහෙම ලැබෙන වක්‍රය Golden Spiral එකට තරමක් දුරට ආසන්නයි.

දිග කතාන්දරයකින් පස්සේ දැන් මෙය ඡායාරූපකරණයට අදාළ වෙන තැනට එමු. මෙම රීතියෙන් කියන්නේ කිසියම් ඡායරූපයක තිබෙන වක්‍ර රටා Golden Spiral එකකට අනුගත කරන්න කියලායි. උදාහරණයක් වශයෙන් පහත ඡායාරූපය බලන්න.

ආරම්භක කුඩා කොටුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයකින් පටන් ගන්න පුළුවන්. මේ විදියට ඡායරූප crop කරන්න ටිකක් විතර අමාරුයි. මෙම ඡායාරූපය හදන්න සංචාරකයා භාවිතා කළේ කියන PhotoImpact X3 පරිඝනක මෘදුකාංගයේ Trial Version එකකුයි. මෙහි Golden Spiral එකේ ආකරයට crop කරන්න පුළුවන් රාමුවක් [Template] තියෙනවා.  එච්චරම සාර්ථකම උදාහරණයක් නම් නෙවෙයි. අනික් සමචතුරස්‍රවලටත් ගැලපෙන වක්‍ර තිබුණා නම් තමයි හොඳ. අන්තර්ජාලයේ වඩාත් නිවැරදි උදාහරණ ඕනා තරම් සොයා ගන්න පුළුවන්.

ඡායාරූපකරණයේ තුනෙන් එකේ නියමයෙන් ඔබ්බට……………Golden Mean

Leave a comment

‘තුනෙන් එකේ නියමය’ එහෙමත් නැත්නම් ‘Rule of one Thirds‘ කියන්නේ ඡායාරූප ශිල්පයේදී ඉතාම බහුලව භාවිතා වන Composition සිද්ධාන්තයයි.  මේ නියමයෙන් කියන්නේ ඡායාරූපයක් දිග පැත්ත සහ පළල පැත්ත සමාන කොටස් තුනකට බෙදෙන පරිදි සරල රේඛා ඇන්ඳාම ඡේදන ලක්ෂ්‍යවලට ඇස වැඩියෙන් ඇදෙනවා කියන එකයි. ඒ නිසා ඡායාරූපයක වැදගත්ම වස්තූන් ඡේදන ලක්ෂ්‍යවල හරි තුනෙන් එකේ සරල රේඛා වලට හරි අනුගත කරන්න කියලා තමයි කියන්නේ. මේ කියන්න යන්නේ ඒ නියමයට අමතරව ඡායරූප කලාවේදී භාවිතා වන තවත් Composition Rule එකක් වන ‘Golden Mean සහ ඒකට අදාළ ගණිතමය පසුබිමයි.

ඈත අතීතයේ ඉඳලා ගණිතඥයෝ පර්යේෂණ පවත්වන අනුපාතයක් තිබුණා. ඒ තමයි (a+b)/a=(a/b) වන අනුපාතය. මේ අනුපාතය ග්‍රීක φ අක්ෂරයෙන් තමයි දැක්වුවේ.  මේකේ අගය මෙහෙම හොයන්න පුළුවන්.

(a+b)/a= (a/b) = φ

=>  a= φb ………………….. (1)

=>  a+b=φa………………….(2)

(1) න් සහ (2) න්

φb + b=φ(φb)

=> φ2φ-1=0

වර්ග සමීකරණයේ ධන මූලය ගැනීමෙන්  φ=(1+√5)/2 = 1.61803398874989…. කියන අපරිමේය සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. පුනරුද සමයේ යුරෝපයේදි මෙම අනුපාතයට කලාත්මක වටිනාකමක් ලැබුණා [හැබැයි මීට බොහෝ කාලයකට පෙර ග්‍රීක-රෝම ශිෂ්ටාචාරවලදිත් මෙම අනුපාතය ගෘහ නිර්මාණ ශිල්පයේදි යොදා ගත් බවට සාක්ෂ්‍ය තියෙනවා.]. බොහෝ චිත්‍ර ශිල්පීන් සහ ගෘහ නිර්මාණ ශිල්පීන් මෙම අනුපාතය තමන්ගේ නිර්මාණ වලට යොදා ගත්තා.  හේතුව උනේ යම් සෘජුකෝණශ්‍රයක දිග සහ පළල අතර අනුපාතය වන විට එය අනික් සෘජුකෝණශ්‍ර වලට වඩා ඇසට ප්‍රියමනාප වීමයි.

දැන් මේක ඡායාරූප කලාවට අදාළ වෙන තැනට එමු. ‘Golden Meanනියමයෙන් කියන්නේ සෘජුකෝණාස්‍රාකාර ඡායරූපයක දිග පැත්ත සහ පළල පැත්ත φ අනුපාතයට බෙදන රේඛා ඇන්ඳාම ඡේදන ලක්ෂ්‍යවලට හරි තිරස්, සිරස් රේඛාවලට හරි ඡායාරූපයේ වැදගත්ම වස්තූන් අනුගත කරන්න කියන එකයි.  උදාහරණයක් වශයෙන් පහත ඡායාරූපය බලන්න.

මෙම ජාලය [Grid] ඡායාරූපයක් ගනිද්දී හිතින් මවා ගන්න ටිකක් අමාරු එකක්. ඒ නිසාම කතාවක් තියෙනවා මෙම ප්‍රායෝගික අපහසුතාවය නිසා තමයි ‘One Third Rule’ එක ජනප්‍රිය උනේ කියලා. පහසුම ක්‍රමය තමයි ඡායාරූපය අරගෙන නියමයට අදාළ විදියට crop කරන එක.

මේ හා සබැඳෙන තවත් නියම දෙකක් වන ‘Golden Spiralසහ ‘Golden Triangleගැන ඉදිරි ලිපියකදී ලියන්න බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕනේ නියමයන් දැන ගත්තට හැම ඡායාරූපයටම එවා භාවිතා කරන එක අත්‍යවශ්‍ය නෑ. නියමයන්ගෙන් පිට යන විශිෂ්ට ඡායාරූප ඕනේ තරම් තියෙනවා. ලෝකයේ මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වන ‘Ansel Adams’  වරක් මෙසේ පැවසුවා.

“There are no rules for good photographs, there are only good photographs.”


SLR කැමරාවක Aperture එක

11 Comments

ඡායාරූප ශිල්පයේදී Aperture එක පාලනය කරන එක ඉතාම වැදගත්. Aperture Setting එක, Shutter Speed එක සහ ISO Setting එක තමයි ඡයාරූපයක Exposure එක තීරණය කරන ප්‍රධානම සාධක තුන.

Aperture Stop එකක් වැඩි කිරීමෙන් Sensor එකට ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙනවා කියන එක තමයි ප්‍රයෝගික ඡායරූප ශිල්පයේදි වැදගත් වෙන්නේ. අනික් කාරණාව තමයි අඩු Aperture Stop වලදි “Depth of Field” එක අඩුයි කියන එක. මේ ලිපියෙන් විස්තර යන්නේ කොහොමද මේ Aperture Stop එහෙමත් නැත්නම් F-Number ඉලක්කම් එන්නේ කියලයි.

මුලින්ම F-Number එකේ අර්ථ දැක්වීම මෙහෙමයි.

F-Number=f/D

මෙහි f කියන්නේ කාචයේ නාභීය දුර සහ D කියන්නේ කාචයට ආලෝකය ඇතුළු වන වර්ගඵලය. එහෙමත් නැත්නම් එකේ Aperture වර්ගඵලය. සාමාන්‍ය F-Number පරාසය වන්නේ f/1, f/1.4, f/2, f/2.8, f/4, f/5.6, f/8, f/11, f/16, f/22….  දැන් කොහොමද මේ ඉලක්කම් ටික එන්නේ කියලා බලමු.

ගණනය කිරීමට භෞතික විද්‍යාවේ එන පොඩි සංකල්පයකුත් ඕනෑ වෙනවා. ඒ තමයි  Sensor එකට ලැබෙන ආලෝක ප්‍රමාණය Aperture එකේ  වර්ගඵලයට සමානුපාතිකයි කියන එක.

A1, A2 කියන වර්ගඵල දෙකට ලැබෙන ආලෝක ප්‍රමාණ දෙක P1, P2 කියලා හිතමු.  එතකොට

P1=kA1 …………………… (1)

P2=kA2……………………(2)

Aperture එක වෘත්තාකාර නිසා (1),(2) සමීකරණ දෙක පහත විදියට ලියන්න පුළුවනි.

P1=kл(d1/2) 2 …………………… (3)

P2= kл(d2/2)2 ……………………(4)

d1, d2 කියන්නේ A1, A2 වර්ගඵලය වන වෘත්ත දෙකේ විෂ්කම්භයන්.

එක F-Stop එකකදී ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙන නිසා

2P2=P1

එතකොට (3) න් සහ (4) න්

2 kл(d2/2)2 = kл(d1/2) 2

=> d1=√2d2

වෙන විදියකට කියනවා නම් ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙන්න Aperture එකේ විෂ්කම්භය √2 [1.414] ගුණයකින් අඩු වෙන්න ඕනේ. මේ විදියටම ලැබෙන ආලෝක ප්‍රමාණය 4 ගුණයකින් අඩු වෙන්න නම් Aperture එකේ විෂ්කම්භය 2 ගුණයකින් අඩු වෙන්න ඕනේ. 8 ගුණයකින් අඩු වෙන්න නම් Aperture එකේ විෂ්කම්භය 2√2[2.828] ගුණයකින් අඩු වෙන්න ඕනේ. ඔය විදිහට තමයි කියන f/1, f/1.4, f/2, f/2.8, f/4, f/5.6, f/8, f/11, f/16, f/22….  ඉලක්කම් ලැබෙන්නේ. වෙන විදිහකට ලියනවා නම් f/(√2^0), f/(√2^1),, f/(√2^2),, f/(√2^3),, f/(√2^4),, f/(√2^5),, f/(√2^6),, f/(√2^7),, f/(√2^8),, f/(√2^9), ….

අළුත් SLR කැමරාවල Aperture පාලනය Camera Body එකේ තියෙනවා. එතකොට සම්පූර්ණ Stops වලට අමතරව 1/2 Stop සහ 1/3 Stop තියෙන්න පුළුවන්.

එතකොට පරාසය හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

1/2 Stop

f/(√2^0), f/(√2^0.5), f/(√2^1), f/(√2^1.5),f/(√2^2),f/(√2^2.5),f/(√2^3),f/(√2^3.5), f/(√2^4),f/(√2^4.5), ….

=> f/1, f/1.2, f/1.4, f/1.7, f/2,f/2.4,f/2.8,f/3.6,f/4,f/4.8………

1/3 Stop

f/[√2^0], f/[√2^(1/3)], f/[√2^(2/3)], f/[√2^1], f/[√2^(4/3)], f/[√2^(5/3)], f/[√2^2], f/[√2^(7/3)], f/[(√2^(8/3))], f/[√2^3], ….

=> f/1, f/1.1f/1.2, f/1.4, f/1.6, f/1.8, f2………

ඊලඟට කියන්න යන්නේ කැමරා කාචයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු දෙකක් ගැන. පළමු වැන්න තමයි කාචයේ F-Number එක අඩු වෙන තරමට [එනම් Aperture එකේ විශාලත්වය වැඩ් වෙන තරමට] කාචයේ මිල වැඩි වෙනවා කියන එක.  ඊට හේතුව වන්නේ අඩු ආලෝක තත්ව යටතේ ඉහළ Shutter Speed භාවිතා කිරීමට හැකි නිසා. ඒ නිසා මේ කාච වලට High Speed කාච කියලත් කියනවා.

දෙවැන්න තමයි නූතන ඡායාරූපකරණයේදී භාවිතා වන Zoom කාච වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි Constant F-Number කාච සහ Variable F-Number කාච. Constant F-Number කාච වල ඕනෑම නාභීය දුරකදී අඩුම F-Number එක භාවිතා කරන්න පුළුවන්.  උදාහරණයක් විදියට NIKKOR AF-S VR Zoom 70-200mm f/2.8G කාචය ගත්තොත්, මෙහි නාභීය දුරේ සම්පූර්ණ පරාසයේදිම f/2.8 භාවිතා කරන්න පුළුවන්.  හැබයි Nikon 18-105mm f/3.5-5.6 VR කාචය ගත්තොත්, f/3.5 භාවිතා කරන්න පුළුවන් 18mm අන්තයේදී විතරයි. 105mm අන්තයේදී අඩුම F-Number එක f/5.6 ක් වෙනවා. මෙහෙම කාච වල F-Number දෙකක් දැක්වෙනවා. මේ කාච එකම නාභී දුර පරාසයේ Constant F-Number කාච වලට වඩා බෙහෙවින් මිලෙන් අඩුයි. බොහොමයක් D-SLR කට්ටලවල [kit] හමුවන කාච මේ වර්ගයේ ඒවා. ඒ නිසා Body විතරක් අරන් High Speed කාචයක් වෙනම ගන්නවද, Kit Lens එක තමාගේ වැඩට ප්‍රමාණවත්ද කියන එක ටිකක් හිතන්න ඕනේ දෙයක්.

නේක රටා……………….

Leave a comment

යන එන ගමන් දැක්ක රටා වගයක්.

This slideshow requires JavaScript.

ඇදෙන වැඩවලට GNU screen

1 Comment

මේ ලිපිය ගොඩක් අදාල වෙන්නේ Unix/Linux මෙහෙයුම් පද්ධතිවල වැඩ කරන අයට.  බොහෝ විට  System Administrators ලා Unix/Linux servers වල වැඩ කරන්නේ telnet/ssh වගේ සැසියකින්. මෙහිදී ඇති වන ගැටළුව තමයි සැසිය විසන්ධි කළ විට ඒ මඟින් ආරම්භ කරපු වැඩසටහනුත් (Process) අවසන් වෙන එක.

නිතර විසන්ධි වන අනතර්ජාල සම්බන්ධයකදී ,අවසාන වීමට ගොඩක් වෙලා ගන්නා වැඩසටහනක් [උදා: System backups] ක්‍රියාත්මක කිරීම සෑහෙන ප්‍රශ්නයක්. මොකද සම්බන්ධතාව විසන්ධි උනාම ආයේ මුල ඉඳලා ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙමත් නැත්නම් හවස 5ට, පැය 2ක් run වෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න තියෙන වෙලාවක් හිතන්න. එක්කෝ වැඩේ ඉවර වෙනකන් පැය දෙක කන්තෝරුවේ චාටර් වෙන්න වෙනවා. එහෙමත් නැත්නම් remote connectivity තියෙන අයට ගෙදර ගිහින් කරන්න වෙනවා.

මේකට තියෙන එක විසඳුමක් තමයි nohup [no hang up] භාවිතා කිරීම.

භාවිතය: nohup command &

හැබැයි මෙ ක්‍රමයෙදී තියෙන අවාසිය තමයි සමහර වැඩසටහන් මේ විදියට ක්‍රියාත්මක කරන්න බැරිකම [උද: සමහර shell script].

ඊට වඩා screen භාවිතා කිරීම පහසුයි. කරන්න තියෙන්නේ අවශ්‍ය telnet/ssh සැසිය හදා ගෙන screen කියන command එක run කරන එක. මෙවිට ආයෙත් සාමාන්‍ය සැසියක වගේ එක shell හම්බ වෙනවා. දැන් කරන්න තියෙන්නේ වෙලා ගන්නා command එක මේ අලුත් shell එකේ run කරන එක. ඊට පස්සේ  Ctrl+a+d [De-attach කියන්න] screen එකෙන් එලියට යන්න පුළුවන්. දැන් telnet/ssh සැසිය විසන්ධි කළා කියලා run කරපු command එක නවතින්නේ නෑ.

ඊගාවට ආයෙ connect වෙන්න අලුත් telnet/ssh සැසියක් හදා ගෙන screen -r කියලා ඇතුළු කරන්න. එතකොට තියෙන screen සැසි ඔක්කොගේම ලැයිස්තුවක් දෙනවා. මේකෙන් අදාළ සැසියේ නම තෝරා ගෙන screen -r <session name> කියලා ඇතුළු කළහම පරණ telnet/ssh සැසිය ආයෙ හම්බ වෙනවා.